Friday 1 June 2018

සිතුවිලි ගිමන්හල දැන් විවෘතයි...

බ්ලොගයක් ලිවීමට තීරණය කලද ,බ්ලොග් ලිවීම එහෙම නැත්නම් බ්ලොගින් කියන්නෙ මොක්කද කියලා හාන්කවිස්සියක්වත් මම නොදන්නවා වුනත්, අදින් මේ සිතුවිලි ගිමන්හල පටන් ගන්නෙ ලොකු කාලයක් හිතේ හිර කරන් හිටපු අදහස් ටිකක් එලියට දාන්න කියල හිතගෙනම නෙමෙයි.

කොහොමින් කොහොම හරි පරණ බ්ලොග් ලිපි කියවපු සහ අලුතෙන් ඉදල හිටල හරි පලවෙන් ලිපි කියවන මටනම් දැනෙන්නෙ 2010-2011 වගේ කාලය කියන්නෙ ලන්කවේ ( සොරි ශ්‍රී ලංකාවේ ) බ්ලොග් කලවේ ස්වර්ණමය යුගය කියලයි.

බ්ලොග් කරනය ගැන සෑහන ප්‍රමනයේ අධ්‍යනයක් කරන්න බැරිවුණත් දැන්නම් සිංහල බ්ලොග් කලාවත් සිරි ලංකාවේ ආර්ථිකේ වගේ කියලනම් හොදින්ම තේරුම් ගන්න පුලුවන්..

මොනා උනත් ලාංකීය බ්ලොග් පාඨකයට හුස්ම පොදක් දීමේ අරමුණින් අද පටන් ගන්න මේ ගිමන්හල ලප් තැනම ලොප් නොවී පවත්වගෙන යාමට බලපොරොත්තු නොවන අතර කැපවීමෙන් කටයුතු කරනවා.

සිතුවිලි ගිමන්හලට ගොඩවීමට සියලු දෙනාට ආරධනා කරමින් මග බලා හිදින -දිමුවා-

No comments:

Post a Comment