Friday 1 June 2018

Windows PC එකෙ font එක වෙනස් කරන හැටි .....

Windows පරිගණකයක අකුරුවල හැඩය හෙවත් Font-face එක වෙනස් කරන විදිහ කියල දෙන්නයි යන්නේ..

Computer එකට එක එක ජිල්මාට් කොරන්න කැමති අය වෙනුවෙනුයි මේ post එක.

මේ යට තියන Code එක copy කරගෙන Notepad එකේ paste කර ගන්න

Font Face කියල තියන තැනට අවශ්‍ය font එකේ නම copy කරලා අරගෙන paste කරගන්න.

මතක ඇතුව English font එකක් විතරක් තෝරා ගන්න.නැත්නම් අකුරු කියවන්න පුරාවිද්‍යා එකට එන්න වෙයි.

[Font එකක් තෝරාගන්න notepad එකේ Format> Font Click කරලා , අවශ්‍ය Font එක තෝරලා එකේ නම copy කරගන්න (Ctrl+C).]
Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
"Segoe UI (TrueType)"=""
"Segoe UI (TrueType)"=""
"Segoe UI Black (TrueType)"=""
"Segoe UI Black Italic (TrueType)"=""
"Segoe UI Bold (TrueType)"=""
"Segoe UI Bold Italic (TrueType)"=""
"Segoe UI Historic (TrueType)"=""
"Segoe UI Italic (TrueType)"=""
"Segoe UI Light (TrueType)"=""
"Segoe UI Light Italic (TrueType)"=""
"Segoe UI Semibold (TrueType)"=""
"Segoe UI Semibold Italic (TrueType)"=""
"Segoe UI Semilight (TrueType)"=""
"Segoe UI Semilight Italic (TrueType)"=""
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\FontSubstitutes]
"Segoe UI"="Font Face"


ඊට පස්සේ ඔය code එක save කරගන්න.save කරන තැන file type එක "All" Select කරලා නමේ අගට .reg කියන එක අනිවා දෙන්න.

save කරපු file එක double click කරලා Open කරලා Yes දෙන්න. 


ආපහු Yes දීල, ඊලග dialog box එක OK කරලා. Restart කරන්න. නැත්නම් sign out වෙලා අපහු ලොග් වෙන්න.

ඔන්න වැඩේ ගොඩ.

වැඩේ ගොඩ දාපු අය Screen Shot එකක් comment කොරන්න.

තව post එකක් දාන තෙක් ගිමන්හල අසල බලහිඳින -දිමුවා-

සිතුවිලි ගිමන්හල දැන් විවෘතයි...

බ්ලොගයක් ලිවීමට තීරණය කලද ,බ්ලොග් ලිවීම එහෙම නැත්නම් බ්ලොගින් කියන්නෙ මොක්කද කියලා හාන්කවිස්සියක්වත් මම නොදන්නවා වුනත්, අදින් මේ සිතුවිලි ගිමන්හල පටන් ගන්නෙ ලොකු කාලයක් හිතේ හිර කරන් හිටපු අදහස් ටිකක් එලියට දාන්න කියල හිතගෙනම නෙමෙයි.

කොහොමින් කොහොම හරි පරණ බ්ලොග් ලිපි කියවපු සහ අලුතෙන් ඉදල හිටල හරි පලවෙන් ලිපි කියවන මටනම් දැනෙන්නෙ 2010-2011 වගේ කාලය කියන්නෙ ලන්කවේ ( සොරි ශ්‍රී ලංකාවේ ) බ්ලොග් කලවේ ස්වර්ණමය යුගය කියලයි.

බ්ලොග් කරනය ගැන සෑහන ප්‍රමනයේ අධ්‍යනයක් කරන්න බැරිවුණත් දැන්නම් සිංහල බ්ලොග් කලාවත් සිරි ලංකාවේ ආර්ථිකේ වගේ කියලනම් හොදින්ම තේරුම් ගන්න පුලුවන්..

මොනා උනත් ලාංකීය බ්ලොග් පාඨකයට හුස්ම පොදක් දීමේ අරමුණින් අද පටන් ගන්න මේ ගිමන්හල ලප් තැනම ලොප් නොවී පවත්වගෙන යාමට බලපොරොත්තු නොවන අතර කැපවීමෙන් කටයුතු කරනවා.

සිතුවිලි ගිමන්හලට ගොඩවීමට සියලු දෙනාට ආරධනා කරමින් මග බලා හිදින -දිමුවා-